විජයග්‍රහණයේ දශකය... The decade of victory...



"මව් කුසින් නොව දෙව් කුසින් සිරිලක උපන් විරු දරුවනේ...
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ...
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ...
හදවතින් අප යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ..."

සුනිල් එදිරිසිංහ නම් වූ ඒ ගායකයාණන්ගේ හැඟුම්බර හඬින් ගැයුණු "රන් මලක් ලෙස" යන ගීතයට අරුතක් යළි යළිත් පසක් කරමින් පිළිඹිබු වන්නේ අපේ හදවත් තුළ පළමු තැන අන් කවරෙකුට නොව ඔබටයි යන්නය. අපි මෙහෙම සිතමු. මීට අවුරුදු 15 කට 20 කට විතර කලින් අපි කොයිතරම් බයකින්, ඒ වගේම පීඩනයකින් ජීවත් වෙන්න ඇතිද? ඔබ වගේම මමත් ඒ හා සමානව අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීල තියෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර අය හිතන්න ඇති මේ යුද්දෙ කවදාවත් ඉවර කරන්න බැරිවෙයි කියලා. එහෙම හිතපු ගොඩක් අය මේ පුංචි රට අතහැරල ගියා. ඒ හින්දම රටට හැම පැත්තකින්ම වගේ බලපෑම් එල්ල වුණා. රටට නිසි නායකත්වයක අඩුව දැනුණා.


මූලාශ්‍රය www.borgenmagazine.com 

මූලාශ්‍රය www.thestar.com

මූලාශ්‍රය www.theguardian.com 

වාසනාවට මෙන් නිවැරදි දේශපාලන නායකත්වය සහ නිවැරදි ත්‍රිවිධ හමුදා පාලනය හේතුවෙන් කෙමෙන් කෙමෙන් දශක තුනක් පුරාවට පැවතුණු ඒ යුදමය වාතාවරණය කෙමෙන් පහව යන්න පටන් ගත්තේ ලාංකිකයින් වන අප සැමගේම බලාපොරොත්තුවේ අපේක්ෂාවන් දැල්වෙන්නට පටන් ගත්තේ එතැනිනි.

මූලාශ්‍රය www.kathnoble.wordpress.com  

මූලාශ්‍රය www.groundviews.org

මූලාශ්‍රය www.lankastandard.com

මූලාශ්‍ර්‍ය www.singhalaya.blogspot.com

එහි අවසානය වූයේ මීට දශකයකට පෙර ත්‍රස්තවාදය නම් වූ විෂබීජය මෙරටින් සදහටම තුරන් කිරීමයි. ලාංකිකයන් වන අප සැමගේ බලාපොරොත්තුව ඉටු වී තම සතුට, රණවිරුවන් හට කෘතගුණ, ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරකත්වය පිළිඹිබු කළේ මෙලෙසිනි.


මූලාශ්‍රය www.abc.net.au

මූලාශ්‍රය www.archieves.sundayobserver.lk

මූලාශ්‍රය www.gettyimages.com

යුද්ධය එසේ අවසන් වුවත්, අප හට අභියෝගයන් රැසකි. රටේ ආර්ථිකය, සංවර්ධනය ඉදිරියට ගෙනයෑම මෙන්ම, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ සුබසාධන කටයුතු ඒ අතරින් ප්‍රධාන විය. එම කාලය තුළ ශ්‍රී ලංකාව දියුණුවේ හිනිපෙත්ත කරා ගමන් ගත්තේ සිතුවාටත් වඩා වේගයෙනි. සිහිනයකටම පමණක් සීමා වූ බොහෝ දේවල් අපට ලැබුණේ නොසිතූ විරූ ලෙසිනි. රට තුළ සිතාගැනීමටවත් නොහැකි ලෙස සංවර්ධනය වැඩිවිය. යටිතල පහසුකම්, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කර්මාන්ත, කෘෂි අංශය, තොරතුරු තාක්ෂණය, දෙස් විදෙස් ආයෝජන, ජීවන රටාව ආදියේ සෑම අංශයකින්ම සීඝ්‍ර වර්ධනයක් ඇතිවූයේ ආසියාවේ බලවතාට පමණක් දෙවැනි වීමෙනි. එමෙන්ම, ලොව වේගයෙන් සංවර්ධනය වන රටවල් අතුරින් මුල් ගොන්නට ද ශ්‍රී ලංකාව පත්වීමද විශේෂත්වයක්.


යාපනයේ නිවාස ව්‍යාපෘතියක්
ජායාරූපය www.defence.lk

අවතැන් වූවන් සඳහා නැවත පදිංචි කිරීම් කටයුතු සිදු කරන්නේ ත්‍රිවිධ හමුදාව විසිනි
ජායාරූපය www.defence.lk
සිහිනයක්ව පැවති අධිවේගී මාර්ග - දක්ෂිණ අධිවේගී මාර්ගය
ජායාරූපය www.sundaytimes.lk

යාපනය දක්වා නැවත දුම්රිය ධාවනය කිරීම
ජායාරූපය www.skyscrapercity.com

බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය කිරීම
ජායාරූපය https://www.facebook.com/lakshitha.mandara

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
ජායාරූපය www.onlanka.com

දියත උයන
ජායාරූපය https://www.facebook.com/PriyanthaBandaraPhotography/

නාවල තෙත් බිම් උද්‍යානය
ජායාරූපය www.timeout.com

වේරැස් ගඟ උද්‍යානය, බෙල්ලන්විල
ජායාරූපය www.sjp.ac.lk

බැද්දගාන තෙත් බිම් උද්‍යානය
ජායාරූපය https://www.facebook.com/ganidubalasuriya/

NSBM හරිත සරසවිය
ජායාරූපය http://www.nsbm.lk

ට්‍රේස් එක්ස්පර්ට් සිටි
ජායාරූපය https://www.facebook.com/thisara.thanapathy

අහස සිඹින ගොඩනැගිලි
ජායාරූපය en.wikipedia.org

නෙළුම් කුළුණ
ජායාරූපය http://www.dailymirror.lk


සංචාරක කර්මාන්තය

ජායාරූපය http://www.tourismnewslive.com

සංචාරක කර්මාන්තය යනු රටක විදේශ විනිමය උපයාගත හැකි පහසුම මාර්ගයයි. සංචාරක සටහන් බ්ලොග් එකක් නිසාවෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉඩක් වෙන්කළෙමි. පසුගිය දශකයක කාලය තුළදී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය තුළින් ලබා ඇති ප්‍රගතිය ඇති මහත්ය. යුද්ධය නිමාවෙන් පසු සංචාරකයන්ගේ පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුවූයේ මෙම කාල වකවානුව තුළදීය. මේ හේතුවෙන් මහා පරිමාණ මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපෘතීන් මෙරට තුළ ඇතිවිය. විශේෂයෙන්ම, අඩු මිල සංචාරයන් සඳහා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් උසුලන බැවින්, බොහෝ කුඩා කණ්ඩායම් සංචාරකයන් හට (Backpackers) ලංකාව යනු පාරාදීසයකි. පොදු ප්‍රවාහන සේවයේදී වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ ඉතා අඩු ගාස්තුවක් යටතේ ගමන් පහසුකම් සලසාගත හැකිවිය. දුම්රිය මෙන්ම, ලංගම ලොව පුරා ප්‍රචලිතය. සාමකාමී වාතාවරණය හේතුවෙන් ලොව ජීවත් වීමට සහ සංචාරය කිරීමට සුදුසු රටවල් අතුරින් ශ්‍රී ලංකාව මුල් රටවල් දහය අතරට පැමිණීම රටක් වශයෙන් අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

ජායාරූපය http://www.travelvoice.lk

ජායාරූපය www.holidayrepresentations.com

ජායාරූපය http://www.srilankanegombotours.com

ඇල්ල දුම්රිය ස්ථානය

ලොව සුපතල බදුලු දුම්රිය
ජායාරූපය www.srilankaeconomytours.com

ආරුගම්බේ මුහුදු තීරය
ජායාරූපය www.tripnino.com

අපට වැරදුණේ කොතැනද...?

ඒ පිළිබඳව නම් අනිවාර්යයෙන්ම සිතිය යුතු දෙයකි. දේශපාලනික වශයෙන් වේවා කුමන ආකාරයකින් හෝ වේවා එදා මෙදා තුර උච්චාවචනය සිදුවී පැවති මෙරට ආර්ථිකයට මෙන්ම පැවති සාමකාමී වාතාවරණයට කළු පැල්ලමක් එක්වූයේ ගෙවුණු අප්‍රේල් මස 21 වන ඉරුදිනය. එදින පාස්කු ඉරුදිනයක් වූ බැවින් බොහෝ කතෝලික ජනතාව දේව මෙහෙයන් සඳහා සහභාගී වන්නට වූහ. නමුත්, කිසිවිටෙකත් නොසිතූ අයුරින් මෙරට තුළ එක්වරම බෝම්බ අටක් ප්‍රදේශ අටක් තුළ පුපුරා ගියේ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳව වරක් දෙවරක් නොව දහස් වාරයක් සිතීමට ඉඩ අවකාශය සලසමිනි. 350 කට අධික පිරිසක් එක් දිනක් තුළදී ආදරණීයයන්ගෙන් වෙන්කළ මෙම ප්‍රහාරය හේතුවෙන් මෙරට සෑම අංශයක්ම අඩපණ වූයේ නිමේෂයකිනි. බොහෝ සංචාරකයන් තම නිවාඩු අවලංගු කොට නැවත සියරට බලා ගියේ තමන්ගේ ආරක්ෂාව පතාය. බොහෝ දෙමාපියන් සිය දරුවන්ව පාසල් එවීමට දැක්වූයේ මහත් වූ බියකිනි. සිය සේවා ස්ථානයට යෑමට දැක්වූයේ මහත් වූ තැති ගැන්මකි. මුළු රටම බියෙන් ත්‍රස්ත වූ කාලයකි.


මීගමුව කටුවාපිටිය දේවස්ථානය
ජායාරූපය www.straitstimes.com

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
ජායාරූපය www.tellerreport.com

Shangri-La හෝටලය
ජායාරූපය www.abcnews.go.com

දේශයේ මුර දේවතා එළි දිනය පුරා දැල්වෙමින් ඔවුන් නොසිටින්නට මේ රට අද තියෙන තත්ත්වයට පත් වීමටවත් හැකිවන්නේ නැත. විවිධ බලවේගයන්, බලපෑම් මත නැවත නැවත ජාතිවාදය වැපිරවීමට උත්සාහ කළද, මොවුන්ගේ පටු අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට නොහැකි වූයේ අප ත්‍රිවිධ හමුදාවන් තුළ ඇති රට ගැන හැගීමත්, සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව ලොවටම ප්‍රදර්ශනය කරමිනි. එදා අට පාස් ආමිකාරයා යැයි කෑගැසූ අපේ සම "හරක්" හට මොවුන්ගේ අගය වැඩි වැඩියෙන් දැනෙන්නේ දැන්ය. නමුත් රණවිරුවා, එදත්, අදත්, හෙටත් මෙන්ම මතුවටත් ජාතියේ සැබෑ වීරයාය.

ජායාරූපය AP 

ආදරණීයනි...

මට, ඔබට මෙන්ම අප සැමට නිදහසේ ජීවත් වෙන්න අවකාශය සලසන්නට තිස් දහසකට ආසන්න පිරිසක් මේ ලක් පොළොවට පස් වී, තවත් එවැනිම ප්‍රමාණයකට ආසන්න පිරිසක් සදාකල් එක්තැන් කරමින් නිදහස් හුස්ම හෙලීමට ඉඩදුන් රට විනාශ කරන්න ඉඩදෙන්න එපා. මේ රට නැවතත් පෙර තිබුනට වඩා හොඳින් ඉදිරියට රැගෙන යන්න පුළුවන්. 

ඔබගේ ආකල්පය, ඔබගේ හිත...
සිතන්න...                                                                            

ලක් මාතාවට ජය...





Facebook මගින් :- https://www.facebook.com/yashmaln
YouTube වීඩියෝව :- https://www.youtube.com/watch?v=P1P7IV4hVFg&t=66s
YouTube චැනලය Subscribe කිරීමට :- https://www.youtube.com/channel/UCjpo0ycbycgvhwFahWrvYNw

Comments