"ඔවුන් හදවතින්ම සතුටු වූහ..."


"පොඩ්ඩක් හිතල බලන්න අපේ පාසල් කාලය ගැන...
පාසල් ගියේ කොහොමද කියල හිතල බලන්න...
කිරි කොක්කු වගේ...
අලුත් අවුරුද්දට,අලුත් විදිහට...
කට්ටියටම පේන්න ඉස්කෝලේ යනකොට කොච්චර ආඩම්බරද...
ඔබට ඒ මිහිරිම කාලය කවමදාකවත් අමතක වෙන්නේ නැතුව ඇති...

කොළඹ ඉන්න අපිට නම් එතරම්ම ගානක් නැතුව ඇති...


ඒත්...!
මදක් සිතන්න...

ඈත ගම්වල අහිංසක දෙමවුපියන් වගේම ඔවුන්ගේ දරුවන් ගැන...
ඔවුන් එදා වේල හොයාගන්න කොච්චර වෙහෙසෙනවද කියලා...
ඒ අහිංසක අම්මල,තාත්තලා ඒගොල්ලන්ගේ ජීවිත ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව දරුවන්ගේ අනාගතය ගොඩදාන්න ගොඩාක් මහන්සිවෙලා වැඩ කරනවා...
අවාසනාවට...
ඒ පැතිවල ගොඩක් ළමයි ඉගෙනගන්න දක්ෂ වුනත්,ආර්ථික අපහසුතා හින්දම අතරමගදීම නවත්තල දානවා...

කළගුණ දත් මිනිස්සු හැටියට ඒගොල්ලන්ට උදවු කරන්න පුළුවන්නම්...
ඔව්..."


Facebook සමාජ ජාලයේ තවත් එක් සමූහයක් නොවන නමුත්,සමූහයකින් ඔබ්බට යන...
"සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණ" (IQ Tests & General Knowledge)  සමූහයේ අපි...
දෙවන වරටත් සාර්ථක ලෙස සමාජ සද්කාර්යය සිදුකළා.

අපේ පළමු සද්කාර්යය වන "මල් කැකුළු පුබුදමු! - 1" පුත්තලම දිස්ත්‍රික්කයේ "නවගත්තේගම" විදුහලේදී මාර්තු මාසයේදී සිදුකළා.ඒ වගේම,ඒ හා සමගාමීව "නැණ පහන් දල්වමු" නමින් මෙවර 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙන පුංචි නංගිලා,මල්ලිලා වෙනුවෙන් සම්මන්ත්‍රනයකුත් පැවැත්වූවා.සමූහයේ සාමාජිකයෙක් හැටියට මට මේකට සහභාගී වෙන්න බැරි වෙච්ච එකට දුක් වුණත්,දෙවන පියවර සඳහා අනිවාර්යයෙන්ම දායක වෙනමයි කියල හිතාගත්තා.

අපේ පළමු පියවරේදී සිද්ධ කළේ නවගත්තේගම ඉස්කෝලේ පුස්තකාලයට අවශ්‍ය කරන පොත් පත් විතරයි.ඒ දේ සිද්ධ කරලා හය මාසයක් ඉක්මවූවා විතරයි,අපි අපේ දෙවන පියවරටත් අත්පොත් තැබුවා.ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ "ගල්නෑව මධ්‍ය මහා විදුහලට" අවශ්‍ය පොත් පරිත්‍යාග කරන්න.ඒ සඳහා මුල්ම අඩිතාලම දැම්මේ "සැප්තැම්බර් 08" වෙනි ඉරිදා.ඒ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටුව සහ මරදානින් පසුව හමුවන මුල්ම දුම්රිය ස්ථානයේදී.

බේස්ලයින් දුම්රිය ස්ථානය.
විශේෂයෙන්ම,මෙම ස්ථානය තෝරාගන්නට හේතු වුණේ සාමාජිකයන්ට මෙම ස්ථානයට ළඟාවීමට පහසු වීමයි.ඒ වගේම මෙම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති වන "චරිත් සවනවඩු" අප සමූහයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ද වෙනවා.

අන්න ඒ විදියට අපි මුලින්ම පොත් එකතු කරන්න ගත්තේ මෙතනදී.තවත් විශේෂ දෙයක් සඳහන් කරන්නම තියෙනවා.ඒ තමයි අප සමූහයේ "පළමු" සංවත්සරය සැප්තැම්බර් පළමු වෙනිදට යෙදී තිබීමයි.මේ හා සමගාමීව අපේ පළමු සංවත්සරයත් මෙම අවස්ථාවේදීම සැමරුවා.

පළමු සංවත්සරය වෙනුවෙන්...
(නිර්මාණය "සමන්තිකා කුමාරි")

ඔන්න ඒ විදියට සමරද්දී පොත් එකතු කරන වැඩේ ජයටම කෙරීගෙන යනවා.ඒ විදියට පොත් ලබාදෙන කට්ටිය එකින් එක වැඩි වෙද්දී අපේ හිතට දැණුනු සතුට වචනයෙන් විස්තර කරන්න අමාරු වුණා.විශේෂත්වය වුණේ සාමාජිකයෝ නොවන අයත් පොත් පරිත්‍යාග කරපු එක.ඒ අයට අනේක වාරයක් ස්තූතියි...!
පිළිගැනීමේ පුවරුව සමඟින් "නිරෝෂ්" සහ "තිස්ස"
පොත් එකතු කරමින්...
ලැයිස්තුගත කරමින්...
පරිගණකගත කරමින්...
සමූහයේ සාමාජික "ලකිත රත්නවීර" විසින් අනූ අක්කට පොත් පරිත්‍යාග කරමින්...
පොත් පාර්සල් කරමින්...
අප සියල්ලම එක පොදියට...
(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
අප එකම රෑනේ කුරුල්ලෝ මෙන් අවසන දක්වා...
එම කටයුක්තට ආධාරවලින් මෙන්ම දෙස් විදෙස් සිටින මිතුරු මිතුරියන්ගේ මූල්‍යාධාර මත සිදුවෙද්දී අප සාමාජික "චරිත් සවනවඩු" විසින් ඉතා වැදගත් අදහසක් දැක්වුවා.ඒ "අන්ත දුගී භාවයෙන් පෙළෙන දෙමාපියන්ගේ දරුවන් සඳහා නව වසර වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල ලබාදීමයි".එම යෝජනාව එක පයින්ම පිළිගත් අතර,කල් නොබලාම ඒ වැඩේ ආරම්භ කළා.අපි ළමයින් 75 ක් වෙනුවෙන් පොත් ලබාදෙන්න තීරණය කළා.විශේෂයෙන්ම මේ සඳහා පාසල් තෝරාගැනීම සඳහා දායක වුණේ ගල්නෑව විදුහලේ විදුහල්පතිතුමායි.මීට අමතරව අපේ සමූහයේ සාමාජික "ජනක ප්‍රේමරත්න" නොහොත් "පොඩි ජනා" ද ඒ සඳහා සුවිශේෂී සහයෝගයක් දැක්වුවා.ඒ සඳහා ගල්නෑව ප්‍රදේශයේම ඇති ප්‍රාථමික පාසල් දෙකක් වන "වලස්වැව" සහ "හබරවත්ත" යන ප්‍රාථමික විදුහල්වල ඉගෙන ගන්න පුංචි නංගිලා,මල්ලිලා වෙනුවෙන් නව වසරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදීමට සූදානම් වුණා. 

මුලින්ම අපි සැලසුම් කළේ ඔක්තෝම්බර් මාසයේ දෙවන සතිය තුළදී වැඩසටහන සිදුකිරීමටයි.නමුත්,ඔක්තෝම්බර් පළමු වෙනිදා "ලෝක ළමා දිනය" යෙදී ඇති බැවින්,එම දිනය වඩාත් අර්ථවත් කිරීම සඳහා ඔක්තෝම්බර් පළමු වෙනිදාට යොදාගත්තා.

කෙමෙන් කෙමෙන් ඒ සඳහා දින ලංවෙද්දී මුල්‍යාධාර මෙන්ම පොත් ද පසුගිය වරට වඩා ගොඩාක් වැඩි වුණා.අපිට ලැබිච්ච මුල්‍යාධාර වලින් පාසල් උපකරණ කට්ටල සුවිශේෂී වට්ටමක් යටතේ "ඇට්ලස්" සමාගමෙන් ලබාගත්තා.ඒ සඳහා අප සාමාජික "නන්දිමිත්‍ර කාරියවසම්" නොහොත් "කාරී" අයියා විශාල සහයෝගයක් ලබා දුන්නා.ඒ වගේම පුස්තකාලයට අවශ්‍යය පොත් ලබාගැනීම සඳහා "සරසවි" ප්‍රකාශකයන්ගෙන් විශේෂ වට්ටමක් ලබාදීමට කටයුතු කළ අප සාමාජික,ප්‍රවීන සාහිත්‍යධර "බුද්ධදාස ගලප්පත්ති" නොහොත් "බුද්ධි" අයියාට ස්තුතිය පුද කරනවා.මීට අමතරව,"ඇම්.ඩී.ගුණසේන","ඇස්.ගොඩගේ","දයාවංශ ජයකොඩි" සහ "විසිදුණු" ප්‍රකාශකයන්ගෙන්ද පොත් මිළදී ගත්තා.

කෙමෙන් කෙමෙන් අවසාන දවසටත් ලංවුණා.

අපිට මුලින්ම ලැබුණු පොත් සමූහය දුම්රිය මගින් කලාවැව දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කළා.ඉන් පසුව ලැබුණු හා මිළදීගත් පොත් මෙන්ම,පාසල් උපකරණ කට්ටල එදින රැගෙන ගියා.ගල්නෑවේ යන්න කලින් දවසේ මමයි ,චරියයි,නීරෝයි... අපි තුන්දෙනා එලිවෙනතෙක් පාසල් උපකරණ කට්ටල් පාර්සල් කළා.
------------------------------------------------------------------------------------------------------------
දිනය :- 2013 ඔක්තෝම්බර් පළමුවන දින...

20 දෙනෙකුගෙන් සමන්විත ටීම් එකක් එක්ක A/C බස් එකකින්.අපි හිතුවෙවත් නෑ මේ වගේ සැප බස් එකක් අපිව කැන්දගෙන යයි කියලා.ඒකට අපේ මිත්‍ර "ලකී වික්‍රමසිංහ"... ඔබට අනේක වාරයක් ස්තූතියි.
මෙන්න බස් එක.(TOYOTA Coaster එකක්)
(මේක දැකලා යන්නම බෑ කියපු කෙනෙකුත් අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම ආවාලුනේ...)
අපි උදෙන්ම ගල්නෑවේ යන්න පිටත් වුණා.යන අතරමගදී රසකතා වලින් මෙන්ම ගීතවලින් අඩුවක් නොවූ ගමන අවසනදී ඉර මුදුන් වන වෙලාවට ගල්නෑව මැදි විදුහලට ළඟා වුණා.

රසකතා වලින් නම් අඩුවක්ම නෑ...
(ජායාරූපය "මානෙල් ගමගේ")
https://www.facebook.com/manel.gamage.7
ආයුබෝවන්...!
අප පැමිණෙන විටත් ඔවුන් සියලු දෙනාම මග බලාගෙන සිටියේ නොඉවසිල්ලෙනි...
මෙම විදුහලේ චිත්‍ර විෂයභාර ආචාර්ය ජානක කුමාරසිංහ මහතා විසින් උත්සව සභාව ආරම්භ කරමින්...
ගරු ස්වාමීන් වහන්සේ විසින් පංචශීලය පිහිටුවමින්...
අප සමූහය ආගම සිහිකරමින්...
පාසල් සිසුවියන් ආගම සිහිකරමින්...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
ගල්නෑව විදුහලේ විදුහල්පතිතුමා සියල්ලන් අමතමින්...
දෙවන දෙමාපියන් වන ආදරණීය ගුරු භවතුන්...
මේ අන් කවරකු නොව ගල්නෑව විදුහලේ නර්තන කණ්ඩායමයි...
මොවුන් මෑතකදී වෙස් බැන්ඳද,මොවුන්ගේ හැකියාවන් කිසි විටෙකත් සමකල නොහැකිය..
https://www.facebook.com/aravinda.ranasinghe
අහිංසක සිසුවෙකුගේ අව්‍යාජ සිනහව...
(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
සංකේතාත්මක වශයෙන් ගල්නෑවේ විදුහල්පතිට අනූ අක්කා විසින් පොත් පරිත්‍යාග කරමින්...
අනූ අක්කාගෙන් දරුවන්ට හරවත් දේශනයක්...
යාපා මහත්මියගෙන්,මුඛ සෞඛ්‍යය පිළිබඳ වැදගත් දේශනයක්...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
මින් අනතුරුව,ඔවුන්ගේ හැකියාවන් සහිත ප්‍රසංගයක් සහ අප සමූහයේ සාමාජික "හසික කුලතුංග" සහ "රිද්ම කසුන්" යන සහෝදරවරුන් විසින් ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් ඉදිරිපත් කළා.ඒ වෙන කොට අපේ සමූහයෙන් කට්ටියක් අනෙක් කාර්යය සඳහා ගල්නෑව විදුහල් භූමියෙන් පිටත් වූණා,අනෙක් කට්ටිය ගල්නෑව විදුහලේ ඉදිරි කාර්යයන් සඳහා දායක වුණා.

කලඑළි මංගල්‍යය අරබමින් ගල්නෑවේ සිසුවියන්ගෙන් තවත් අපූරු නර්තනයක්...(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
ගල්නෑවේ අපූරු හැකියාවන්...(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
ගල්නෑවේ අපූරු හැකියාවන්...(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
ගල්නෑවේ අපූරු හැකියාවන්...(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
"රිද්මයා" සමඟින් "හසිකයා" ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරමින්...
(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
සිසු සිසුවියන් ක්‍රියාකරකම්වල නිරත වෙමින්...(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
සිසු සිසුවියන් ක්‍රියාකරකම්වල නිරත වෙමින්...(ජායාරූපය "ජනක ප්‍රසන්න කුරුප්පු")
https://www.facebook.com/janakakuruppu
ගල්නෑව ඉස්කෝලේ ඉස්සරහට කරන්න ඕන දේ ඒ අයට භාරදීලම අපි "වලස්වැව" සහ "හබරවත්ත" කියන ඉස්කෝල දෙකට ගියා.ඒකට අපේ සහයට ගල්නෑව ඉස්කෝලෙම ගුරුවරයෙක් නිර්ලෝභීව උදවු කළා.ඒ ගුරුවරයා හිටියේ නැත්නම්,අපිට පාර හොයාගන්න බැරිවෙනවාමයි...

අපේ දෙවන කොටස ආරම්භ කරමින් මුලින්ම ගියේ "වලස්වැව" ප්‍රාථමික විදුහලට.

පාසල් නාම පුවරුව...
වලස්වැව කනිටු විදුහලේ විදුහල්පහිතුමන් සමඟින් අපහට ගමන් මග දක්වූ ගල්නෑව විදුහලේ ගුරු භවතා...
අප පැමිණෙන විට ඔවුන් සිනා මුසු මුහුණින් අපව පිළිගැනීමට සූදානමින්...
ඔවුන් මෙසේ සිටියද,ඔවුන්ගේ හදවත් සුන්දරය...
මොහුගේ සිතුම් පැතුම් කෙතරම් ඇතිද...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
මොවුන්ගේ අහිංසක,අව්‍යාජ සිනහව කෙතරම් සුන්දරද...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
සිසුවියන් විසින් අප සියලුදෙනාම පිළිගනිමින්...         
දරු පැටවුන්ගේ කුසගිනි නිවන්නට අපෙන් පොඩි සංග්‍රහයක්...
ආදරණීය ගුරුවරියන්...
ආදරණීය "මානෙල්" අක්කාගෙන් ආදරණීය දරුවන්ට තෑගි...
(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
අරවින්දගේ කැමරා කාචයේ සටහන් වූ සංවේදීම ජායාරූපය...
https://www.facebook.com/aravinda.ranasinghe
අරවින්දගේ කැමරා කාචයේ සටහන් වූ අනෙක් සංවේදී ජායාරූපය...
https://www.facebook.com/aravinda.ranasinghe
ඔවුන්ට හිමිදේ ලබාගැනීම සඳහා එක පෙළට සිටිමින්...
"තිස්ස" අයියගෙන්...
"නිරෝෂ්" ගෙන්...
තෑගි ලැබූවන්...
තෑගි ලැබූවන්...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
ආව්...
කොහොමද මේ දෝනිලගේ අහිංසක හිනාව...
මානෙල් අක්කාගේ සිත පැහැරගත් අහිංසක දැරිවිය...
(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
*ඉහත ජායාරූපයේ සිටින තැනැත්තිය ගැන විශේෂයෙන්ම සිහිපත් කළ යුතුමය.ඇය නමින් "මානෙල් ගමගේ" වන අතර,නිතරම රූපවාහිනී මාධ්‍යය ඔස්සේ අත්කම්,මැහුම් නිර්මාණයන් ඉදිරිපත් කරන තැනැත්තියකි.එමෙන්ම,ඇගේ දනුම දිවයින පුරාම සිටින සිසුවියන්ට ලබා දෙමින්,වැඩමුළු ඉදිරිපත් කරන අතර,අත්කම්,මැහුම් විෂය පිළිබඳව පොත් ලියා ඇත.මෙවර අප වැඩසටහනේදී ඇගේ පුද්ගලික වියදමින් මෙම පාසල් දෙකෙහි සිසු සිසුවියන් වෙනුවෙන් ත්‍යාග ලබා දුන්නාය.
(පිවිසෙන්න :- https://www.facebook.com/manel.gamage.7)

අනූ අක්කාගෙන් පොඩි උපදෙසක්...
හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ...
අප සමූහයේ කොටසක් සමගින්,පාසලේ සියල්ලම...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
පාසලේ සීනුව...
ආගන්තුක සත්කාරවලින් නම් අඩුවක්ම නෑ...
අවසාන මොහොතේදී අප පාසලෙන් පිටත් වන විට,
තම දෙමාපියන් පැමිණෙන තෙක් බලාගෙන සිටින පුංචි පුතෙක්...
අපි "වලස්වැව" ඉස්කෝලෙන් පිටත් වුනාට පස්සේ මීළඟ සහ අවසාන ගමනාන්තය වුණේ "හබරවැව" ප්‍රාථමික විදුහල.අපි එහෙ යනකොට එහෙ ඉනා අහිංසක ළමයින් වගේම අම්මලාත් අපිව පිළිගන්න මග බලාගෙන හිටියා.විශේෂයෙන්ම මතක් කරන්නම ඕනේ,මේ ඉස්කෝලේ නිතරම වල අලීන්ගේ කරදරවලට මුහුණ පාන ඉස්කෝලයක්.

මේ පොඩ්ඩෝ ටික අපි එනකං මග බලමින්...
පොඩ්ඩන්ට මැදිවූ "කාරී" අයියා...
මා සමඟින් මානෙල් අක්කා පොඩ්ඩන්ට මැදිව...
(
ජායාරූපය "තිස්ස අලවත්ත")
https://www.facebook.com/tissa.alawatta
අනූ අක්කාගේ සහයට එක්වූ කමල් අයියා...
පොඩ්ඩෝ සංග්‍රහය භුක්ති විඳිමින්...
මානෙල් අක්කාගෙන් මේ පොඩ්ඩන්ටත් තෑගි...
කමල් සමඟින් පොඩි ජනා...
මානෙල් අක්කගේ ලෙන්ගතු සිනහව...
අනූ අක්කාගෙන් ආදරණීය තෑග්ගක්...
තෑගි ලැබූවන්...
අප සියලු දෙනා...
සොඳුරු භූමි,සොඳුරු සිනාවකින්,සොඳුරු දරු කැළක් සමඟ...
අනූ අක්කාගෙන් උපදෙසක්...
මේ පින්තූරයත් ඉතා වැදගත් පින්තූරයක් හැටියට කියන්න පුළුවන්...
මොහු ගල්නෑව විදුහලේ සේවය කරනු ලබන ගුරු භවතෙක්...
මොහුගේ මග පෙන්වීම නොවන්නට අපට මොවුන් සොයා යාමට වැඩි කාලයක් ගතවනු නිසැකය...
බොහොම ස්තුතියි සර්...
ඉන්පසුව,අපි නැවතත් සුපුරුදු පරිදි ගල්නෑව විදුහලට පැමිණියා.ඒ වන විටත් විදුහල් කාර්ය මණ්ඩලය අප වෙනුවෙන්ම දිවා ආහාරය සූදානම් කොට තිබුණා.

ගල්නෑවේ හිටපු සෙට් එක...
(ජායාරූපය "රිද්ම කසුන්")
https://www.facebook.com/ridmakasun
අමතක නොවන මඤ්ඤොක්කා සංග්‍රහයක්...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
රස භුක්ති විඳිමින්...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
කාරී,කමල් සමඟින් චරියා...
(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
සැවොම එක්ව රස භුක්ති විඳිමින්...(ජායාරූපය "අරවින්ද භූමි")
https://www.facebook.com/aravinda.ranasinghe
සමුගැනීමට පෙර...
ස්තූතිය පළ කරමින්...
අතිශය සාර්ථක සද්කාර්යයකින් අනතුරුව අවසානයේදී අප සියලු දෙනා මේ විදුහල් භූමියෙන් නික්ම යාම පෙර...
(ජායාරූපය "අරවින්ද භූමි")
සහය දුන් සැමටම අනේක වාරයක් වාරයක් පාසාම පිං...!
------------------------------------------------------------------------------------------------------------
පසු සටහන :- 
 "අප සිදුකළ සද්කාර්යය අගය කරමින් ගල්නෑව මැදි විදුහලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් ඊට පසුදිනම අපහට නිසඳැසකින් තුති පුද කලේ මෙලෙසිනි..."

අපව අගය කරමින් ගල්නෑව මැදි විදුහලින් අපහට එවූ තුති නිසඳැස...
_________________________________________________________________________________

පිවිසෙන්න :-
https://www.facebook.com/yashmaln

පිවිසෙන්න අප සමූහයට :-
https://www.facebook.com/groups/IQ.Knowledge/

වැඩි විස්තර සඳහා :- 
+94711521272 / +94771850220
yashmalneranja@gmail.com

Comments

anu said…
කියලා වැඩක් නැහැ යශ්...
හරිම අපුරුවට හැම දෙයක්ම සැලකිල්ලෙන් ලියලා...
ඇස් දෙකට කදුළු පිරිලා ගලා යන්නේ දුකටද සතුටද කියලා මටවත් තේරුම් ගන්න බැහැ...
මිනිසුන් අතර සංවේදි මිනිසුන් කොටසක් එකතු වෙලා මේ කරපු පුංචි සත්කාර්්‍ය මේ යයි වටිනාකම හුවා දක්වන්න බැහැ... ඒ තරම්ම මේ කටයුත්ත වටිනාකම වැඩියි..
අපි පෙළ ගැහෙමු නැවතත් ලබන ව‍සරේ මෙවැනිම දරුවෝ රොත්තක් වෙනුවෙන් අපිට කල හැකි උපරිම දේ කරන්න...
Shanaka Peiris said…
බොහෝම ස්තූතියි යශ්මාල්.තබා ඇති සටහනට සහ ඔබ දැක්වූ දායකත්වයට​.සමූහයක් ලෙස අපි එකට එකතු වී විශාල සත්කාර්‍යයක් කළේ
YASHMAL 91 said…
බොහොම ස්තූතියි අනූ සහ ශානක...
manel Gamage said…
බොහොම ස්තූතියි යශමාල් මල්ලි. අනු කිව්වා වගේ හෑම දෙයක්ම හරිම අපූරුවට ලියලා. චායරූපවලින් හෑම වචනයක්ම තවත් ඉස්මතු වෙනවා. අපි කල මේ කර්යයේ අගය වටිනකම අපිටම වෑටහෙන අකරයට යශ්මල් මල්ලි හරිම අපූරුවට රූප පෙල ගහලා..
YASHMAL 91 said…
බොහොම ස්තුතියි මානෙල් අක්කා.අක්කගේත් ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...
Unknown said…
හරිම අපූරු වැඩ ගොඩක් දැකල ,ඉතාම සංවේදි ඡායාරූප පෙලක් දැකල ඇසට කඳුලක් ඉනුවා යශ් මල්ලි......හරිම අපූරුයි.අසරණ දරු පැටව් ගොන්නක් ....ඔවුන්ගේ අවිහිංසක මුහුනු .....බලාපොරොත්තු සහගත දෑස් අපට ගොඩක් දේ කියනවා.ගොඩක් ලොකු පින්කමක්....සසර සැරි සරණ තුරු ඔබ වන් මිතුරු කැළකගේ ඇසුරට පත්වේවා!!!
YASHMAL 91 said…
ඔව් චතු අක්කා...
10/10